LTTE ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලීසිය අතර හදීසියේම ගැටුමක්

Police
By Thaya Mar 15, 2021 08:37 PM GMT
Report

බ්‍රිතාන්‍ය පොලිසිය අතර එල්.ටි.ටි.ඊ ධජ අතින් ගත් එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් ගැටුමක් ඇති වී තිබෙනවා. ඒ බ්‍රිතානයේ හැරෝව් හිදී. සිද්ධිය සම්බන්ධයෙන් හැරෝව් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කෙන්ටන් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී අධාල ගැටුම හටගත් බවයි. මෙහිදී පොලිසිය සහ එල්.ටි.ටි.ඊ ආධාර කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දක්නට ලැබෙනවා.

මෙම සිද්ධියේදී ලන්ඩන් පොලිසිය විසින් එල්.ටි.ටි.ඊ ආධාර කරුවෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව මුදා හැර තිබෙනවා. මෙම එල්.ටි.ටි.ඊ ආධාරකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ කෙන්ටන් හී දින 16 ක් උපවාසයේ යෙදෙන, සමුල ඝාතනයන් වැළකීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නියෝජිත වරියක වන අම්භිහායි සෙල්වකුමාර්ට සහයෝගය දැක්වීමටයි.ඇය විරෝධතාවයේ නිරත වන්නේ සමූල ඝාතනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර අධිකරණය වෙත කැඳවන ලෙස ඉල්ලමින්.