මෙන්න සුබ ආරංචියක්..නව කොරෝනා ප්‍රභේදය මැඩපවැත්විය හැකි අති සාර්ථක බෙහෙතක්.
අමෙරිකානු කොරෝනා මර්දන එන්නතක් වඩා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ සායනික පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , Novavax ලෙස හැඳින්වෙන මෙහි සාර්ථකභාවය 89 .3% ක් ලෙස සටහන් වු බවයි.
බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඩපවැත්වීමට හැකි බව පෙන්නුම් කළ ප්‍රථම එන්නත ද Novavax ය.
වයස අවුරුදු 18 – 84 අතර පසුවු පුද්ගලයින් 15000 කට වැඩි පිරිසක් යොදාගෙන කළ පර්යේෂණයකින් මෙය තහවුරු වී තිබේ.
මෙය සුබ ආරංචියක් සේ සැලකූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් , එයට ඖෂධ නියාමන ඒකකයේ අවසර ලැබෙන තෙක් සිටින බව ද පැවසී ය.
බ්‍රිතාන්‍යය මෙම එන්නත් මාත්‍රා මිලියන 60 ක් මිලදී ගැනීමට එකඟවී ඇතැයි ද සඳහන් ය.
බ්‍රිතාන්‍යය මීට අමතරව, මොඩර්නා , ෆයිසර් ඇන්ඩ් බයෝඑන්ටෙක් ආදී කොරෝනා මර්දන එන්නත් ද ඇණවුම් කර තිබේ.
මේ වසර දෙවන කාර්තුවේදී එම කොරෝනා මර්දන එන්නත් මාත්‍රා බෙදාහැරීමට නියමිතයි.