මෙරටින් හමු වූ නව කොවිඩ් ප්‍රභේදය ගැන අධ්‍යයනයක්

Covid-19
By Thaya Feb 14, 2021 04:40 PM GMT
Thaya

Thaya

Report

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය පිළිබඳ අධ්‍යයන කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. එය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග අද(13) දිනයේදී නිර්දේශ කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමුවී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය සදහන් කරයි. මේ වනවිට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් ලබා ගත් අහඹු නියැදිවලින් බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය හමුව ඇති බව ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පැවසීය.