පළමු ශ්‍රේණියට පාසල් ගිය සිසුවා පළමු දිනයේම මරුවා අරන් යයි...

Accident
By Thaya Feb 15, 2021 06:38 PM GMT
Report

පළමු ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරියකට යටවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. බදුල්ල, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වරුන් ප්‍රදීෂ් නමැති සිසුවා අද (15) උදෑසන මෙම අනතුර මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. සිය මව සමඟ පාසලට යමින් සිටින අතර තුර සිසුවා පාසල ආසන්නයේදී ලොරි රථ ට ගැටී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනතුරින් තුවාල ලැබූ මව ද බදුල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.