වරද පිළිගනී - සංචාරකයින් ගේන්න ආණ්ඩුවෙන් දැඩි නීති 2021-01-05
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සංචාරකයින් ගෙන්වන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.
ඔහු කියා සිටියේ සෞඛ්‍ය අංශ සමග එක්ව ඉකුත් දෙසැම්බර් මාසයේදී එම සංචාරක මාර්ගෝපදේශ මාලාව සකස් කළ බවයි. කෙසේවෙතත්, යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීමේදී හා සංචාරය කිරීමේදී නිර්දේශ කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වී ඇති බව ඉකුත් දින කිහිපයේම අනාවරණ කළා.
යුක්රේන ජාතිකයින් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මෙන්ම ඔවුන් සංචාරය කළ මිරිස්ස සහ යාල යන ප‍්‍රදේශවලදීද, මෙම තත්ත්වය දක්නට ලැබුනු බවයි එහිදී හෙළි කළේ.
සංචාරකයින් ගෙන්වීමේ මෙම නියමු ව්‍යාපෘතියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය වී ඇති බව සෞඛ්‍ය අංශ මෙන්ම අදාළ රජයේ බලධාරීන් ද දැනටමත් පිළිගෙන අවසන්.
එබැවින් ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් කරන බවයි සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.