රක්ෂිතය විනාශ කරන්නන් හට තරා තිරම නොබලා දැඩි නීතී.

Reserve
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Report

කලාබලලු වැව ඉස්මත්ත රක්ෂිතය ඩෝසර් කරමින් හා එහි තිබු වටිනා ගස් කපා දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පළ කළ ප්‍රවෘත්ති සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ

ස්වභාවික වශයෙන් ඉතාමත් වැදගත් හා ඓතිහාසික පසුබිමක් සහිත කලාබලුලවැව රක්ෂිතයේ පිහිටි ගස් කපා දැමීම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව සොයා බලන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව කලාබලලුවැව ඉස්මත්තේ පිහිටි රක්ෂිතය විනාශ කිරීම හා එහි තිබු වටිනා ගස් කපා දැමීම සම්බන්ධව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියෙන් කැඳවීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.