ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව

Police
By Thaya Apr 06, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති බව සිද්ධිය දුටුවන් හැටන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. නුවරඑලිය වසන්ත උදානයට පැමිණි හොරණ ප්‍රදේශයේ පිරිසක් (04) දින රාත්‍රි 11 ට පමණ නුවරඑලිය සිට හොරණ දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදි බිමත්ව මොටර් රථය ධාවනය කල රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතර කර එම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවයි වාර්තා වන්නේ. මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මොටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. අනතුරක් සිදු කර පොලිසියට වාර්තා නොකර පලා යාම සම්බන්ධයෙන් එම මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා