විජය මං හිතන්නේ මුහුදට පනිනවා – හිටපු ජනාධිපතිනිය කියූ කතාව

President
By Thaya Feb 17, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව මේවනවිට චීනයේ යටත් විජිතයක් වී අවසන් බවත් සිය පාලන සමයේ ජීවිතය පරදුවට තබා නිර්මාණය කළ රට යළි ආපස්සට ගොස් ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කලේ සිදුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග සමාධිය අසල සංවිධානය කර තිබු විජය කුමාරතුංගයන්ගේ 33 වන අනුස්මරණ වැඩසටහන සමග එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය,

“අපි හදනවා. කවුරුහරි ඇවිත් විනාශ කරනවා. ඉතින් මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ, උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් නොකර ගන්න, අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා වාරයක් ඉඳලා ගෙදර යන කෙනෙක් ඕනේ. එක එක්කෙනාගෙ අත්වල එල්ලිලා යන දේශපාලනඥයින් ඉන්නෙකම් අපේ රට කරන්න බෑ. අපි හැදුවා, හැදුවා. ජීවිතයත් පරදුවට තියලා. දැන් ඔක්කොම අයෙත් අනෙක් පැත්තට හැරිලා. විජය හිටියා නම්.., විජය මං හිතන්නේ ගිහින් මුහුදට පනිනවා.” හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර සිටිනවා