මෙරටට පැමිණි ඉන්දීය ගුවන් යානා වල සැඟවුණ කතාව...විශේෂ අනාවරණයක්..

India Sri Lanka
By Thaya Mar 08, 2021 05:40 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ඉකුත් දා පැවැති ගුවන් සංදර්ශනය සඳහා එක්වූ ඉන්දීය ගුවන් යානා ඒ වෙනුවෙන් කිසිඳු මුදලක් අයකර නැතැයි සොයා බැලීමකදී අනාවරණ වුණා. එම සියලු ගුවන් යානා මෙම ගුවන් සංදර්ශනයට එක්කර ඇත්තේ ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසයි. ගුවන් සංදර්ශනයට සහභාගී වීම සඳහා ගුවන් යානා 22 ක් මෙරටට පැමිණියා. ඒ, ගුවන් නියමුවන් සහ සහායකයින් ඇතුළු 197 දෙනෙකු සමගයි. ඔවුන් රැඳී සිටි හෝටල් සඳහා මෙන්ම ගුවන් යානාවල ඉන්ධන ඇතුළු සියලු වියදම් දරා ඇත්තේ ඉන්දියාව විසින් බවයි අනාවරණ වුණේ. මෙරටට පැමිණි ඉන්දීය ගුවන් කාර්යය මණ්ඩලය මෙරට රැඳී සිටි කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇති අතර ඔවුන් ඉන්දියාවේදී මෙන්ම මෙරටදීද, PCR පරීක්ෂණවලට ලක්වී තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව සතු තේජස්, හෝක්, ඩෲවි, සූරිය කිරණ්, ඩෝනියර් යන වර්ගවලට අයත් ගුවන් යානා, ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා මෙම ගුවන් යානා සංදර්ශනයට එක්කර තිබුණා. සාරාන්ග් නමැති ගුවන් සංදර්ශනවලට ලෝකයේ භාවිත කරන විශේෂිත වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද ඉන්දියාව විසින් මෙම සංදර්ශනයට එක්කර තිබීම විශේෂත්වයක්. මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවේ ගුවන් සංදර්ශනය සඳහා එක්ව ඇත්තේ මෙරට ගුවන් හමුදාපතිවරයා සහ ඉන්දීය ගුවන් හමුදාපතිවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙසයි.