දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මැදියම් රැයේ සිට පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන අතර, ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ. මේ අතර, 2019 වර්ෂයේ උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවට මුහුණදී අසාධාරණයට ලක් වූ සිසුන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිරය ඉදිරිපිට අද තුන්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වනවා.
අද පෙරවරුවේ එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටින පිරිසට ඉන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබුවා. එහිදී සත්‍යග්‍රහයේ නිරත සිසුන් සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ අසාධාරණයට ලක්වූ සිසුන් බඳවා ගැනීමට රජය කටයුතු නොකළහොත් අරලියගහ මන්දිරය ඉදිරිපිට අඛන්ඩව සත්‍යග්‍රහයක නිරත වන බවයි.