නව වෛරසය මෙරටින් හදුනාගත් පළමු වැන්නාගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

Covid-19
By Thaya Jan 31, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

සියලු දෙනා කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්යය සිදු කළ යුතු බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි පවසනවා.

මොයින් අලී පිළිබඳ ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණේ ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරග සංචාරයට පැමිණි අවස්ථාවේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

බ්‍රිතාන්‍යයේ මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා නව ප්‍රභේදය ශ්‍රී ලංකාවේදී පළමුවරට හදුනා ගත්තේද එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩන මොයින් අලිගෙන්.

ශ්‍රී ලංකා සංචාරය නිම කර සිය රට බලා යාමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් පළවන විවිධ දුර්මත බැහැර කරන ලෙසයි.

එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර එම තරගාවලියටද මොයින් අලී ක්‍රීඩා කිරිමට නියමිතයි.