රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් කොළඹ ජාතික රෝහල සඳහා රු.මි 12 ක වෛද්‍ය උපකරණ ප්‍රධානයක්...

Donate
By Thaya Jan 22, 2021 07:21 PM GMT
Thaya

Thaya

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMR) ‍covid 19 වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දුන් බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

කොළඹ ජාතික රෝහල ( හදිසි අනතුරු සහ විකලාංග අංශය ) සඳහා රු.මි 12 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ප්‍රධානය කිරීම ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

හදිසි අනතුරු හා විකලාංග අංශය සඳහා අත්‍යාවශ්‍ය මෙම භාණ්ඩ තුළින් දෛනිකව රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සඳහා විශාල පිටු වහලයක් වන‍ අතර

මීට අතමතරව කළුබෝවිල රෝහල සඳහා ද විශාල වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් මීට පෙර අවස්ථා කිහිපයකදි ලබා දී ඇත.

මෙහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා...... .

අද විශේෂ දවසක් ජාතික ඖෂධ නියාමන අධිකාරීය (NMR) අද තීරනය කරා කොවිඩ් 19 වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික එන්නත ලබා දීමට අනුමැතිය ලබා දීම. ලංකාවේ කොවිඩ් 19 සඳහා එන්නතක් ලබාදෙන පළමු අවස්ථාව මෙයයි. පසුගිය දවස්වල අපෙන් ඇහුවා භූතානය, නේපාලය, මාලදිවයින වැනි රටවල් මෙම එන්නත පාවිච්චි කරන්නේ නම් ඇයි අපි ලබා දෙන්නනේ නැත්තේ කියලා. පසුගිය සියවසකට ආසන්න කාලයක සිට අපේ රටේ ප්‍රතිශක්තිකරණය අතින් ඉතා ඉහළ රටක්, තව ටික දවසකින් අපේ රටට එන්නත ලැබෙනවා යැයි ප්‍රකාශ කළේය.


GalleryGallery