රාජ්‍ය අමාත්‍යවරයෙක් රිය අනතුරක
Accident
By Thaya
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන්ගත් ජිප් රථය අනතුරකට ලක්ව තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජිප් රථය පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී පෙරලීයාමෙන් අද උදාසන මෙම අනතුර සිදුව ඇති බවයි ඔහුගේ කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ. අනතුරින් අරුන්දික ප්‍රනාන්දු මහතා සුලු තුවාල ලබා ඇති අතර ඔහු ගමන් ගත් ජිප් රථයේ සිටි 3දෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.