රටට මුල්තැන දි කටයුතු කරන ලෙසශ්‍රී ලංකන් ගුවන් සේවය ඉල්ලයි....

Airport
By Thaya Jan 09, 2021 05:49 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ලොව පුරා COVID-19 වසංගතය ව්‍යාප්ත වී යාම ආරම්භ වූ අවස්ථාවේ සිට ලෝකයේ සෙසු රටවල් සමඟ අත්‍යවශ්‍ය වෙළඳ සම්බන්ධතා පවත්වා ගනිමින් ජාතික ආර්ථිකයට සහයෝගය ලබාදීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ.

එසේම 2020 මාර්තු මාසයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමූ අවස්ථාවේ සිට මේ දක්වාම විදෙස් රටවල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමේ මානුෂීය ක්‍රියාන්විතයට ද සහයෝගය ලබාදෙමින් සිටියි. ගෙවී ගිය මාස නවයක කාලය තුළ ගුවන් තොටුපළවල් වසා දැමීම සහ විවිධ රටවල් විසින් පනවා තිබූ සංචාරක සීමා කිරීම් හේතුවෙන් ගුවන් සමාගමේ සමස්ත ගුවන් යානා ඇණියම බොහෝවිට ගොඩබස්සවා තැබීමට සිදුවිය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගුවන් ගමන් වාර ගණන අඩුවීම, විදෙස් රට වල සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට මෙහෙයුම් සිදු කිරීම සහ වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සිදුවීම හේතුවෙන් පෙර නොවූ විරූ ආදායම් අහිමිවීමේ කාලපරිච්ඡේදකයට ගුවන් සමාගම මුහුණ දෙමින් සිටියි.

මෙම තත්ත්වය මත ගුවන් සේවයට තාවකාලික ගුවන් ගමන් කාලසටහනක් අනුගමනය කිරීමට සිදුවූ අතර, ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රටේ අවශ්‍යතාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට සිදුවිය. ඒ අනුව COVID-19 වැළැක්වීම සඳහා බලධාරීන් විසින් නියම කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කෙටි දැනුම්දීමකින් රාජකාරියට වාර්තා කිරීමට ගුවන් සමාගමේ සියලුම සේවකයින්ට සිදුවිය. එහිදී ගුවන් සේවය ගනු ලබන පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහ ගුවන් සමාගම විසින් සෑම විටම සපයනු ලබන පුද්ගලික ආරක්ෂක උපකරණ හේතුවෙන් රාජකාරියේ යෙදී සිටියදී සේවකයින්ගේ ආරක්ෂාව සැමවිටම සහතික කරන ලදී.

Gallery