ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් පිරිමැසුම් ආසන පන්තිය සඳහා neighbour-free travel හඳුන්වා දෙයි.

Sri Lankan Airlines
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට වැඩි පහසුකම් සලසා දීමේ අරමුණින් “Neighbour-Free Seats” ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. එමගින් ගුවන් මගීන්ට සංචාරය අතරතුර දී අමතර ඉඩක් සහ සුවපහසුවක් ලබා ගත හැකිය.මෙමගින් මගීන්ට ගුවන් යානය තුළ වාඩි වී සිටින විට ඉතා පහසුවෙන් දෙපා හසුරුවීමට වැඩි අවකාශ හිමිවණු ඇත. එසේම මගීන් තමා අසල වාඩි වී සිටින අය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බැවින් මෙම පහසුකම සමඟ ඔවුන්ට වඩාත් සැහැල්ලු ගුවන් ගමන් අත්දැකීමක් ලබා ගත හැකිය.

මෙම පහසුකම හරහා මගීන්ට ගුවන් යානයක නියම කර ඇති ස්ථාවර මිලකට හිස් ආසනයක් හෝ පේළියක් මිලදී ගැනීමට ඉඩ සලසයි. වැඩි ඉඩක් සහ පෞද්ගලිකත්වයක් සහ සුවපහසු ලෙස පියාසර කිරීම සඳහා මෙය කදිම විකල්පයකි. සංචාරකයින්ට ආසන ලබා ගැනීමට අවස්ථාව ලබා දීමෙන් ඔවුන්ට ප්‍රතිලාභ සැලසීමට අමතරව, මෙය තවදුරටත් ගුවන් සමාගමට අමතර ආදායම් උත්පාදනය කරන ක්‍රමවේදයකි. හිස් ආසන කල්තියා වෙන් කරවා ගැනීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ස්ථිර ආසන වෙන්කරවා ගැනීමක් සිදුකරන සියලුම පිරිමැසුම්දායී පන්තියේ මගීන්ට හිමිවනු ඇත. https://srilankan.com/en_uk/plan-and-book/neighbour-free-seats වෙතින් මෙම පහසුකම ලබා ගත හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කළේ, මෙම නව නිපැයුම පිරිමැසුම්දායී පන්තියේ පියාසර කරන මගීන්ට ගුවන් ගමනේ දී අමතර ඉඩ ප්‍රමාණයක් භුක්ති විඳීමට අවස්ථාව ලබා දීමක් බවත් එමගින් ඔවුන්ගේ ගුවන් ගමන් අත්දැකීම් වැඩිදියුණු කල හැකි බවයි. මෙය ගුවන් සේවයේ නිෂ්පාදන ක්‍රියාවලයි තුළ ස්ථිර නිෂ්පාදනයක් බවට පත් කිරීමට ද බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය ගුවන් ගමනට පෙර, ( www.srilankan.com) ඊමේල් පණිවිඩයක් මගින් මෙම විශේෂාංග ලබා ගත හැකි වේ. මගීන්ට තමන් වෙන්කිරීමට අපේක්ෂිත ආසන ලබා දී ඇති ආසන සිතියමෙන් තෝරා ගත හැකි අතර, එහිදී වෙබ් අඩවි තුළ ස්වයංක්‍රීය ආසන වෙන් කිරීමේ නීති රීති සහ ක්‍රමවේදය අනුගමනය කළ යුතු වේ. ශ්‍රී ලංකන් ගුවන් ගමන් වල ආසන අවහිර කිරීමේ විකල්පය ගුවන් ගමනට පිටත්වීමට පැය 48 ත් ,පැය 04 ත් අතර කාලය තුළ කළ යුතුවේ. මෙම විශේෂාංගය මගින් තනි සංචාරකයින්, සහ පවුලේ සංචාරකයින් ඇතුළු සෑම සංචාරක වර්ගයකටම ඔවුන්ගේ පරිපූර්ණ ගුවන් ගමනක ඇත්දැකීම ලබාගත හැකි වේ. එසේම පවතින වාතාවරණය සමඟ විශේෂයෙන් දරුවන් සමඟ පියාසර කිරීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සංචාරය කිරීමට හැකිවේ.