ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ශ්‍රීලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට උපහාර...

Sri Lanka
By Thaya Mar 25, 2021 07:37 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වයිරසය ව්‍යාප්ත වී යාම හේතුවෙන් චීනයේ වුහාන් හි අතරමං වූ ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉටුකරන ලද සේවය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් පසුගියදා උපහාරයට ලක්විය. ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කර ගනිමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මෙම උපහාර පිදීම සංවිධානය කරන ලදී. මෙහිදී කොරෝනා වසංගතය අතරතුර රටේ අභිවෘද්ධිය උදෙසා දායක වූ නිලධාරිනියන් දස දෙනෙකු ශිරන්තී රාජපක්ෂ මහත්මිය අතින් උපහාරයට ලක්විය. මෙම උත්සවය Waters’ Edge හි දී පසුගිය මාර්තු මස 8 වන දින පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ මානව සම්පත් හා ගුවන් සේවා අංශයේ ප්‍රධානී බුද්ධිකා මානගේ මහත්මිය සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති කේ. ජයවර්ධන මහත්මිය ද ඒක්ව සිටියහ. උපහාරයට ලක් වූ කාන්තාවන් අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉන්ෆ්ලයිට් සේවා සැපයුම් අංශයේ ජෙනලි ජෑන්ස් (ගුවන් සේවා අධීක්ෂක) සහ අමාලි හෙට්ටිආරච්චි (ජ්‍යෙෂ්ඨ ගුවන් සහායක) ද ඇතුලත් විය. මෙම ශ්‍රීලංකන් ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකාවන් 2020 පෙබරවාරි මස 1 වන දා චීනයේ වුහාන් සිට අපගේ සිසුන් UL1423 දරන ගුවන් යානයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙවරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලදී . කොරෝනා වයිරසය හේතුවෙන් අතරමං වූ ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙහෙයවන ලද පළමු ගුවන් යානය මෙය වේ.

GalleryGallery
ReeCha