ශ්‍රීලංකන් ගුවන් සේවය වාර්තාගත ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් මාලදිවයිනට ....

Sri Lanka Airlines
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 පෙබරවාරි මාසයේ දී මාලදිවයිනේ මාලේ වෙත කිලෝග්‍රෑම් මිලියන 1.2 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරමින් වාර්තාවක් සනිටුහන් කර තිබේ. මාලදිවයින යනු පවතින කොවිඩ් වසංගතය හමුවේ ගුවන් ගමන් මෙහෙයුම් සදහා විවෘතව ඇති රටවල් කිහිපය අතරින් ඉතා ජනප්‍රිය ගමනාන්තකි. එසේම මෙම කාලයේ දී මාලදිවයින තුළ ආහාර ඇතුලු අනෙකුත් අත්‍යාවශ්‍ය ගුවන් භාණ්ඩ සදහා ඉහළ ඉල්ලූමක් පැවිතිණි. එම ඉල්ලුම පිළිබඳ සැලකිළිමත් වෙමින් ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින් භාණ්ඩ විශාල ප්‍රමාණයක් මාලේ වෙත සැපයූ අතර ඒ අනුව පසුගිය මාසයේ කොළඹ

සිට මාලේ දක්වා පමණක් ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 500 ඉක්මවා ප්‍රවාහන කර තිබේ. එසේම මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාව දක්වා අපනයන කරන අද ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 188 ක් විය. ලන්ඩනය,ටෝකියෝ සහ සිඩ්නි දක්වා විහිදෙන ශ්‍රිලංකන් ගෝලීය ගුවන් භාණ්ඩ ජාලය මගින් මාලදිවයිනේ ආනයන හා අපනයන අවශ්‍යතා සපුරාලීම සඳහා දැඩි ලෙස කැපවී සිටියි.

Gallery