පළාත් අතර දුම්රිය ධාවනය හෙට සිට ....

srilanka kasun chamara tranprost
By Nimal Jul 13, 2021 10:35 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ අවසරය හිමිවිමත් සමගින් අත්‍යවශ්‍ය සේවා සදහා ගමන් ගන්නා මගීන්ගේ ගමන් පහසුව සදහා පළාත් අතර දුම්රිය ධාවනය හෙට සිට (14) ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.පළාත් අතර දුම්රිය ධාවනය  හෙට සිට  .... | Srilanka Transprost

ඒ අනුව මහව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රිය ගමන් වාරයක් ද , මහනුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 02 ක් ද , බෙලිඅත්ත සිට කොළඹ මරදාන දක්වා එක් දුම්රියක් ද , ගාල්ල සිට කොළඹ මරදාන දක්වා එක් දුම්රිය ක් ද , හලාවත සිට කොළඹ කොටුව දක්වා ද එක් දුම්රියක් ද ,රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා එක් ගමන් වාරයක් ලෙස ද දුම්රිය හෙට දින සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කොට ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

කාර්යාල බලා ගමන් කරන මගී ජනතාවගේ ගමන් පහසුව සදහා බස්නාහිර පලාත තුළ පමණක් දුම්රිය ගමන්වාර 102 ක් ධාවනයට එක්කොට තිබිණ.එම දුම්රියයන් ඒ ආකාරයෙන් ධාවනයට එක් කෙරේ.

ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ සහ රාගම යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 36 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම, කළුතර දකුණ, පානදුර, මොරටුව සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 40 ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල, කොස්ගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 10 ක් ද, පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුව යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 16 ක් ද කොළඹ කොටුව හා මරදාන දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.  

ReeCha