ස්පුට්නික් එන්නත ශ්‍රි ලංකාවේ දී නිෂ්පාදනය කිරිමට ....
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් එන්නත ශ්‍රි ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබදව විදේශ අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍යවරයා අමතමින් එරට රාජ්‍යයට ශ්‍රි ලංකාවේ කෘතඥතාව පල කෙළේය.
ඉකුත් 7 වනදා රුසියාවේ විදේශ අමාත්‍යවරයා සමග අමාත්‍ය ගුණවර්ධන මහතා මෙම දුරකථන සංවාදය පැවැත්විණ. එහිදී ශ්‍රි ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද බෙහෙවින් අගය කෙළේය.
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ජීනීවා මානව හිමිකම් සමුළුවේ 43 වන සැසිවාරයේදී රුසියාව ශ්‍රි ලංකාවට දැක් වු සහයෝගය පිළිබදවද ගුණවර්ධන මහතා රුසියානු රජයට ප්‍රශංසා කෙළේය.ශ්‍රි ලංකාව හා රුසියාව අතර වෙළද ආර්ථික හා කාර්මික යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබදව අඛණ්ඩව සාකච්ඡා කීරිමටද මෙම දුරකථන සාකච්ඡා වේදී දෙපාර්ශවයම එකගතාවයකට එළඹ තිබේ.
එමෙන්ම ද්විපාර්ශවික සහයෝගිතාව පිළිබද දෙරටේ ලේකම්වරුන් ගේ මට්ටමේ ද්විපාර්ශවික සාකච්ඡාව මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත් වීමටද දෙරටේ විදේශ අමාත්‍යවරු එකගතාව පල කර තිබේ.