ලංවීම සේවකයින් සඳහා ම වෙන්වූ අතරමැදි රෝහලක් .. (PHOTO)
Covid වසංගතය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් කැපවෙන විදුලි සේවකයන් සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය දිවයිනේ ප්‍රමුඛ පෙළේ රෝහලක් සමඟ එක්ව ලංවිම හා ලෙකෝ ආයතනයේ සේවකයන් සඳහාම වෙන්වූ විශේෂ අතරමැදි රෝහලක් ලෙස අද(22) ප්‍රතිකාර ආරම්භ කිරීම විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, විදුලි සේවකයින් ගේ රක්ෂණාවරණය ට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙහි ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ඇත.කිංචිගුනේ හා කලවාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සබරගමුව පළාත් සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කටයුතු කිරීම මෙහි විශේෂත්වයකි.
මෙම අතරමැදි රෝහල ස්ථාපිත කිරීම වෙනුවෙන් කෙටි කාලයක් තුළ ඇප කැපවූ සැමට ස්තූතිය පළකළ අතර, සේවක සුරක්ෂිත භාවය වෙනුවෙන් තවදුරටත් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද කියා සිටියේය.
මෙම විශ්වීය මාරක වසංගතය හමුවේ ලංවීම සේවක අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවය හදූනා ගනිමින් ප්‍රථමයෙන් ම නොරොච්චෝලේ බලාගාරය වෙත දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමත්, අනතුරුව අනෙකුත් සේවකයින් සදහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින් එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හදුනාගත් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හදුනාගෙන තිබේ.
.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංවිම උප සභාපති නලින්ද ඉලංගකෝන්, පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.