යෝජනා 21කින් සමන්විත යෝජනාවලියක් .....

srilanka politics mahinda amarawera
By Nimal May 10, 2021 04:39 AM GMT
Nimal

Nimal

Report

 රැකියා ලක්ෂයක් ලබා දීමේ දී රජයේ වැඩ පිළීවෙළේ දී සෞඛ්‍ය අංශ සඳහා අදාල බඳවා ගැනීමේ දී ඊට එම වෘත්තිය සමිති සම්මේලනයේ සහයෝගය ලබා දීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි 01 දින 21ට 21ක් යනුවෙන් ඉදිරිපත් කළ ක්‍රියාත්මක කිරීමට යෝජිත යෝජනා 21කින් සමන්විත යෝජනාවලිය සම්බන්ධව මෙම විශේෂ සාකච්ඡාවට ඇතුළත් තිබේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටි අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් සෞඛ්‍ය වෘත්තිය සමිති සංගමයේ නිලධාරිහු ද සහභාගි වුහ.

මෙම සාකච්ඡාව පවත්වන ලද්දේ රැකියා ලක්ෂයක් වැඩ සටහන යටතේ පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ දැනට තිබෙන බලවත්ම වෘත්තිය සමිතිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සමිති සම්මේලනයයි. රැකියා ලක්ෂයක් ලබා දීමේ දී රජයේ වැඩ පිළීවෙළේ දී සෞඛ්‍ය අංශ සඳහා අදාල බඳවා ගැනීමේ දී ඊට එම වෘත්තිය සමිති සම්මේලනයේ සහයෝගය ලබා දීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් රාජ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ සාමාජිකයින්හට සිදුවන යම් යම් බලපෑම්වල දී ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම ලබා දීම සම්බන්ධව ද මෙහිදී අවධානයට යොමු විය. එම සම්මේලයේ ලේකම් රෝයි ද මැල් මහතා ඇතුළු පිරිසක් ඒ සම්බන්ධව කරුණු සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෘත්තිය සමිතිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වැඩ කටයුතුවලට උපරිම සහයෝගය ලබා දීම සම්බන්ධව ද මෙහිදී කරුණු දැක්වු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.