විපක්ෂ නායකවරයා ප්‍රශ්න අහ අහා ඉන්නෙ නැතුව ප්‍රායෝගිකව රටට උදව් කරන්න?...

srilanka politics namal rajapaksha
By Nimal May 09, 2021 07:05 AM GMT
Nimal

Nimal

Report

 ආණ්ඩුව විවේචනය කරමින් නොසිට කොව්ඩ් මර්දනය සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන්න යැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලයි.

කොවිඩ් පිට දමා ජනතා ප්‍රශ්න මගහැරීමට ආණ්ඩුව සුදානම් නොමැති බවත් කොවිඩ් පාලනය කරන අතරතුරම රටේ සංවර්ධනය හා ජනතා ප්‍රශ්න විසදීම ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

යක්කල වැරැල්ලවත්ත ප්‍ර දේශයේ ඉදිකෙරෙන ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,මේ වන විට පොදුජන පෙරමුණ , පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය, යෞවන සමාජ ව්‍යාපාරය, යෞවන බලමණ්ඩල මේ සියලු දෙනා වගේම ස්වේච්ඡා සංවිධාන ඒකරාශී වෙලා කොවිඩ් මර්දන වැඩපිළිවෙලට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න සුදානම්.

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අදාල පහසුකම් සපයන්නත් ශ්‍රම දායකත්වය ලබා දෙන්නත් අප මැදිහත් වී සිටිනවා.මේ යටතේ දින දහයක් තුළ ඇදන් 10,000 ක් සේථ්‍ය පද්ධතියට එකතු කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කළා. ඒ සඳහාත් නොයෙක් ස්වෙච්ඡා සංවිධාන ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා.පොදුජන පෙරමුණ කියන්නේ දේශපාලන පක්ෂයක්.දේශපාලන ව්‍යාපාරයක්.අපේ ඉංජිනේරු සංගමය තරුණ සංගමය කාන්තා සංවිධානය වෛද්‍යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති සංවිධාන පක්ෂයත් එක්ක බැඳුණු යෞවන සමාජ ව්‍යාපාරය ඇතුළු ලංකාවේ ස්වෙච්ඡා සංවිධාන අද මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා.

මේක දේශපාලන පක්ෂයක වැඩක් නෙවෙයි.රටේ මහජනතාව වෙනුවෙන් කරන පොදු වැඩක්.ඒ නිසා සියලු දෙනාටම මේ සඳහා දායකත්වය ලබා දීම විවෘතයි.දේශපාලන පක්ෂයක් විදිහට අපි වගකීම ඉටු කරන්න මැදිහත් වුණා වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාව ඒකට සහයෝගය ලබා දෙයි කියලා. ඒ ඇඳන් දහදාහ බෙදාහැරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙනවා.

අප ආරාධනා කරනවා විපක්ෂ නායකවරයා ටත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහ අහා ඉන්නෙ නැතුව ප්‍රායෝගික ඇවිල්ලා රටට උදව් කරන්න කියලා. එතුමාලා සහ අපි අතර තියෙන ගැටලු විසඳාගන්න පුළුවන් කොවිඩ් වසංගතය පාලනය කළාට පස්සෙ. එතුමගේන් මම ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා ඔබතුමා සහ ආණ්ඩුව අතර තියෙන ගැටලුව විසඳගන්න ඒ ගැන විවේචනය කර ගන්න හෝ ඒ ගැන හැප්පෙන්න කෝවිඩ් 19 වසංගතය පාලනය කරාට පස්සේ. දැන් අපිත් එක්ක එකතු වෙලා මේ වසංගතය පාලනය කරන්න මැදිහත් වෙන්න කියලා.

රනිල් වික්‍රමසිංහ මහතාටත් ප්‍රශ්නයක් වුණේ ජාතික ප්‍රශ්න ජාත්‍යන්තරයට ගිහිල්ලා විසඳ ගන්න ගියපු එකයි. මේක ගෝලීය වසංගතයක් තමයි.හැබැයි අපේ ගම්වල අහිංසක ජනතාව තමයි මේ වසංගතයට මැදිහත් වෙලා තියෙන්නෙ. සාකච්ඡා කරන එක හොඳයි. මොකද අපේ එන්නත් වැඩපිළිවෙළ පිළිබඳව හෝ ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කළ යුතුයි. හැබැයි එතුමා සාකච්ඡා කරන කොට මේ එන්නත ලංකාවට ඇවිල්ලා ඉවරයි.

විශේෂයෙන් සාකච්ඡා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. රජයක් විදියට අපි එක පැත්තකින් මේ රට ඉදිරියට අරගෙන යන්න ඕනේ. අද කොවිඩ් වසංගතය පාලනය කරන්න මැදිහත් වෙලා මේ සියලු දේ කරනකොට ඒ කාලසීමාව ඇතුළත දීම අපි ලක්ෂයකට රැකියා දීලා තියෙනව.උපාධිධාරීන් 60,000ට රැකියා දීලා තියෙනවා . රුවන්පුර අධිවේගී මාර්ගය අද දිනයේ මුල්ගල තියලා වැඩකටයුතු ආරම්භ කළා . ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් ක්‍රීඩා පිට්ටනි 780 ක් මේ අවුරුද්දේ ඉදිවෙනවා. රට දුවන්න ඕනේ.රට ඉදිරියට යන ගමන්ම වසංගතය පාලනය කරන්නත් මැදිහත් වෙන්න ඕනේ. ආණ්ඩුවක් විදිහට අපට ලොකු වගකීමක් තියෙනවා. විපක්ෂයේ ඉන්න කොට මේ ප්‍රශ්න වලට ඇඟිලි දික් කරන්න ලේසියි. නමුත් අපි විශ්වාස කරන දේ තමයි කෝවිඩ් පිට දාලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැතුව අපට ඉන්න බැහැ.

ඒ නිසා මේ වසංගතය පාලනය කරන ගමන් ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරන්න අප කටයුතු කළ යුතුයි. දකුණු ආසියාවේ ප්‍රථම වතාවට සංචාරක බුබුලු සංකල්පය යටතේ තරගාවලියක් කළේ අපි. ඒ පටන් ගත්තු ගමන බුබුළු සංකල්පය යටතේ අපි සංචාරක ව්‍යාපාරය ආරම්භ කළා. වර්තමානයේයේ තියෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන ඒක වෙනස් කළා. කාලානුරූපව ලෝක තියෙන තත්ත්වයත්,රටේ තියෙන තත්ත්වයත් සැලකිල්ලට අරගෙන වෙනස් විය යුතු දේවල් වෙනස් කළා. මම හිතන්නේ මේක විවේචනය කරනවා වෙනුවට සහයෝගය ලබා දෙන එකයි කළ යුත්තේ. මේ වෙලාවේ මම විපක්ෂය කියන්නේ කෝවිඩ් වල එල්ලෙන්නෙ නැතුව ජනතාවට උදව් කරන්න එළියට බහින්න කියලයි.