රත්නපුර ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක්...

srilanka political pavithtre wanniarachchi
By Nimal May 07, 2021 02:43 PM GMT
Report

අද දින වැඩකටයුතු ආරම්භ කළ රුවන්පුර අදිවේගි මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඓතිහාසිකව ඉතා වැදගත් කටයුත්තක් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය ඇමතිවරිය මෙසේ අදහස් දැක්වුයේ ,රුවන්පුර ජනතා පැතුම් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ වැඩකටයුතු අද දින (07) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ආරම්භ වීමෙන් පසුවය.

මෙම අදිවේගී මාර්ගය ඉදිවීමත් සමග රත්නපුර සිට ගාල්ල, මාතර, කටුනායක ගුවන්තොටපල වෙත යාමට ඉතා කෙටි කාලයක් පමණයි වැය වෙන්නේ. කෘෂි ආර්ථිකයක් පවතින රත්නපුර දිස්තික්කයේ ජනතාවට ආර්ථික ප්‍රබෝධයක් ඇති කර ගැනීමට විශාල රුකුළක් වෙනවා.

රුවන්පුර අධිවේගී මාර්ගය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක් සිද්ධවෙන, විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිවන කටයුත්තක්. මේ සදහා කැප වූ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලු සියළු දෙනාට මේ අවස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ස්තූතිය පුද කරන බවද පැවසුවාය.