උද්භිද උද්‍යාන සංවර්ධනයට මිලියන ගණනක්....

srilanka garden presanna ranatunga botanical
By Nimal May 05, 2021 02:42 PM GMT
Nimal

Nimal

Report

 මේ වසරේ උද්භිද උද්‍යාන වල දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජය රුපියල් මිලියන 575.48 ක මුදලක් වෙන් කර ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

ඒ අනුව උද්භිද උද්‍යාන වල ප්‍රවේශ ස්ථාන සංවර්ධනය, නරඹන්නන් සදහා පානීය ජල පහසුකම්, නව භෝජනාගාර, නරඹන්නන්ට උද්‍යාන නැරඹීමේ පහසුව සදහා බැටරි කාර් යෙදවීම, මෙන්ම මහ ජනතාව තුළ ශාක දැනුම වර්ධනය සදහා වන වැඩ සටහන් සදහාද මෙම ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ වසරේ මුල් කාර්තුව තුළ පේරාදෙනිය, හග්ගල, ගම්පහ,මිරිජ්ජවිල, අවිස්සාවේල්ල හා ගනේවත්ත උද්භිද උද්‍යාන සදහා දේශීය සංචාරකයන් 185,864 දෙනෙකු පැමිණ තිබේ. විදේශීය සංචාරකයන් 1,104 දෙනෙකු පැමිණ ඇතැයිද ඇමතිවරයා සදහන්කරයි.