මිලේනියම් වාට්ටු සංකීර්ණය කඩිනමින් ඉදිකෙරේ...
දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 743 ක වියදමකින් ඉදිවන මිලේනියම් වාට්ටු සංකීර්ණය සහ භාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කර Covid – 19 වසංගතය හමුවේ රෝගී ජනතාව සදහා පහසුකම් සැලසීමට කටයුතු කරන බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
රටේ පවතින Covid – 19 වසංගත තත්ත්වය හමුවේ රෝහල් පද්ධතිය වැඩි දියුණු කර සංවර්ධනය කිරීමට රටට විශාල අවශ්‍යතාවයක් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවතින වසංගත අවදානම් තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් නිවැරැදිව අනුගමනය කරමින් ඉදිකිරීම් කටයුතු අවසන් කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙන බවද පැවසීය.
අමාත්‍යාවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලේ ඉදිවන මිලේනියම් වාට්ටු සංකීර්ණය සහ භාහිර රෝගී අංශ ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (03) දින සහභාගී වෙමිණි.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 743 ක ප්‍රතිපාදන මත ඉදිවන මෙම ගොඩනැගිල්ල ශල්‍යාගාර 07 කින්, පරික්ෂණාගාර 05 කින් භාහිර රෝගී අංශ 02 කින් හා වාට්ටු සංකීර්ණ වලින් සමන්විත තට්ටු 10 ක ගොඩනැගිල්ලකි.එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් බවද මෙහිදී ප්‍රකාශ කලේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, එහි උප සභාපති භාග්‍ය ජයතිලක යන මහත්වරු ඇතුළු නිළධාරීහු රැසක් සහභාගී වූහ.