නව පරිසර හිතකාමී දිරාපත්වන බෑගයක් ....
පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරලීම සඳහා ක්‍රිායත්මක කර තිබෙන වැඩ පිළිවෙළ යටතේ ආගමික ස්ථානවල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරලීම සඳහා නව පරිසරහිතකාමි දිරාපත්වන බෑගයක් හඳුන්වා දීම අද දින (22) පිල්ලෑව පුරාණ විහාරස්ථානයේ දී ආරම්භ කෙරිණි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වන වැඩ සටහන ආරම්භ වූ අතර සමපෝෂ නිෂ්පාදන සමාගම විසින් ඒ සඳහා අනුග්‍රහ්‍ය දක්වනු ලැබීය. කතරගම පුදබිමේ පුදපූජා පැවැත්වීමට එන බැතිමතුන් විසින් අධික ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතා කරන බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා මින් පෙර ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා වෙනුවට ස්වාභාවික මල් හා තෙල් කඩදාසි භාවිතයෙන් සකස් කරන ලද මල්මාලා හඳුන්වා දෙනු ලැබීය.
එහිදී පෙනී ගිය කාරණයක් වුයේ කතරගම පුද බිමේ පමණක් වසරකට පොලිතීන් හා ප්ලාස්ටික් ටොන් 50කට වඩා එක්රැස් වන බවයි. ලබන වසරේ සිට ෂොපිං බෑග් ද තහනම් වන නිසා ඊට විකල්පයක් වශයෙන් මෙම දිරාපත්වන ද්‍රව්‍යවලින් නිෂ්පාදිත බෑගය ද හඳුන්වා දෙනු ලැබීය. මෙම අවස්ථාවට ලංකා බිස්කට් සමාගමේ විධායක අධ්‍යක්ෂ නිශ්කා වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලංග ද සොයිසා, අලෙවි සාමාන්‍යාධිකාරි ජයංග පෙරේරා මහත්ම මහත්මීහු මෙන්ම මෙන්ම පිල්ලෑව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පොළොන්නරුවේ පී. සීලානන්ද හිමි හා විහාරවාසී ගෝනාපීනුවල චන්දරතන ස්වාමින් වහන්සේ ලා ද සහභාගි වූහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා- පොලිතීන් හා ප්ලාස්ටික් මේ වනවිටඅ පේ රටේ පරිසර හානියට බලපෑමක් එල්ල කරන ප්‍රධාන කාරණයක් බවට පත්ව තිබෙනවා. එමනිසා මම 2021 මාර්තු 31 දින සිට සැෂේ පැකට් ඇතුළු පොලිතින් හා ප්ලාස්ටික්වලින් සිදු කෙරෙන නිෂ්පාදන 05ක් තහනම් කළා. පසුගිය සතියේ තවත් නිෂ්පාදන 08ක් තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආගමික ස්ථානවල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා අපි වැඩ පිළීවෙළක් ආරම්භ කළා. ඒ අනුව කතරගම පුද බිමේ පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා භාවිතය අපි තහනම් කළා. ඒ වෙනුවට ස්වාභාවික මල් වලින් හා තෙල් කඩදාසිවලින් සකස් කරන ලද මල්මාලා අපි හඳුන්වා දුන්නා.
ඒ අතරතුර පුජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන වෙළෙඳසැල්වල බහුල වශයෙන් ෂොපිං බෑග් නිකුත් කරන බව වාර්තා වුනා. අපි ලබන වසරේ ජනවාරි මාසයේ සිට ෂොපිං බෑග් විශේෂයෙන් 10X05X 16 ප්‍රමාණය හා ඉන් පහළ ප්‍රමාණයේ කාදුව සහිත හා රහිත සියලුම ෂොපිං බෑග් තහනම් කරනවා. මෙම පරිසර හිතකාමී බෑගය අද දින හඳුන්වා දෙන්නේ ඒ නිසයි. එම වෙළෙඳසැල්වලින් ලබා දෙන භාණ්ඩ පාරිභොගිකයින්ට මෙම බෑගයට ඇතුළත් කර දෙන්න පුලුවන්. ඒ වගේම පාරිභෝගිකයින් වන්දනාමාන කටයුතු අවසන් කර යන විට මෙම බෑගය ආපසු එම වෙළෙඳසැලට ලබා දිය යුතුයි.
මෙම වැඩ පිළීවෙළ අපි සියලුම ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට බලාපෙරොත්තු වෙනවා.
ඒ සඳහා සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් අපි පිල්ලෑව විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, CBL හා සමපෝෂ සමාගම්වල නිලධාරින්ටත් ස්තුතිය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා කීය.