කොම්පෝස්ට් ගෘහස්තව නිපදවිය හැකි Rapid Compost Machine යන්ත්‍රයක් කරළියට ...(PHOTO)
රජය විසින් කාබනික පොහොර වගාව භාවිතා කිරීම අරඹමින් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙළට සහයෝගය පළ කරමින් පුද්ගලික ආයතනයක් විසින් පහසුවෙන් කොම්පොස්ට් පොහොර නිපදවා ගත හැකි යන්ත්‍රයක් හඳුන්වා දී තිබේ.
මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ Eco-Master නැමැති දේශීය සමාගමයි.
ගෘහස්ථව දෛනික බැහැර කරන ආහාර, ඉදුල් මෙන්ම භාවිතාවට නොගන්නා එළවලු යොදා ගනිමින් මෙම යන්ත්‍රය මගින් කොම්පොස්ට් පොහොර නිපදවා ගැනීමට පිළිවන.
මෙම නව Rapid Compost Machine යන්ත්‍රයක් හඳුන්වා දීම අද දින (14) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වුහ. මෙම යන්ත්‍ර කිලෝ ග්‍රෑම් 10 සිට 1000 දක්වා නිපදවා ඇති අතර එමගින් සියයට සියයක්ම පරිසර හිතකාමි කාබනික පොහොර නිපදවා ගත හැකි බව එහි කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ඩී. අමරසිරි මහතා පැවසීය.
මෙම යන්ත්‍ර නිපදවනු ලබන්නේ සුදුයකඩ උපයෝගී කර ගනිමිනි. එයට හේතුව වන්නේ ඉවත දමන ආහාර යොදා ගන්නා බැවින් අම්ල සෑදීමේ දී හැකියාවක් අනිකුත් ලෝහ
භාවිතයේ දී සිදු විය හැකි බවයි. මෙකී කොම්පෝස්ට් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම විදුලිබලයෙන් සිදු වෙන අතර හෝටල්, ආපනශාලා ආශ්‍රිතව භාවිතය මගින් ඉවත දමන
ආහාර උපයෝගි කර ගැනීම මත අමතර ආදායමක් උපයා ගැනීමට ද එම ආයතනවලට හැකියාව ලැබේ.
