තිරිගු මුවාවෙන් ගෙන්වු උදු රේගුවට කොටු .....

Srilanka custom sudattha silwa
By Nimal May 21, 2021 03:13 PM GMT
Nimal

Nimal

Report

 ඉන්දියාවේ සිට තිරිගු  ගෙන්නව බවට අනාවරණය කරමින් මෙරටට ආනයනය කළ රුපියල් මිලියන මිලියන හයකුත් ලක්ෂ හතරක් වටිනා උදු  තොගයක් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් උදු තොගයේ උඳු කිලෝග්‍රෑම් 15,060 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ආනයනකරු රේගුවට ප්‍රකාශ කර තිබුණේ එම බහාලුම තුළ වටිනාකම රුපියල් මිලියන එකකුත් හැත්තෑ හත් දහසක් වටිනා තිරිඟු කිලෝග්‍රෑම් 18,000 ක් අඩංගු බවයි.තිරිගු  මුවාවෙන් ගෙන්වු උදු රේගුවට කොටු ..... | Srilanka Custom

ආදල ආනයනකරු පිළිබද සැකසිති බහාලුම පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබී රුපියල් මිලියන හයකුත් ලක්ෂ හතරක් වටිනා මෙරටට ආනයනය තහනම් කර ඇති උඳු කිලෝග්‍රෑම් 15,060 ක් සොයා ගැනීමට රේගුනිලධාරින් සමත්වි ඇත.තිරිගු  මුවාවෙන් ගෙන්වු උදු රේගුවට කොටු ..... | Srilanka Custom

මෙම උඳු තොගය තිරිඟු ලෙස සඳහන් කල බෑග 502 ක් තුල ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ අතර එම බෑග, බහාලුම තුළ තිරිඟු අඩංගු බෑග් 98 පිටුපසින් සඟවා තිබියදී සොයා ගෙනතිබේ. මෙම නීති විරෝධී ආනයන මගින් රජයට අහිමි වීමට තිබූ බදු ආදායම රුපියල් මිලියන තුනක් බව මේ වන විට ගණන් බලා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන රේගු නිවාරණ අංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා එම භාණ්ඩ රාජසන්තක කොට ආනයන කරුට වැඩිදුර දඩ පැනවීමට නියමිතයි.