විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාවේ වෙනසක්

qurantine abroad covid 19 sri lankans s.m.arnald
By Sewvandhi Apr 30, 2021 02:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දිර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා ප්‍රකාශ කළේ, විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් ආසාදිතයින් හඳුනාගැනීමට එය ඉවහල් වනු ඇති බවය.

“ඉදිරියේ දී අපි විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සඳහා වන නිරෝධායන කාල සීමාවන් බොහෝදුරට වැඩිවීමට ඉඩ තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැන් කටයුතු කරගෙන යනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ විදෙස් රටවලින් යම් ආසාදිතයෙක් ඇතුළු වුවහොත් එම නිරෝධායන කාල සීමාව තුළ හඳුනාගැනීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමයි.“

සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති කොවිඩ් මර්දන මාර්ගෝපදේශ සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now