මෙරට කාන්තාවන් ඕමානයේ සුල්තාන්වරුන්ට විකිණු කාන්තාවක් විසින්ම විකුණලා..
ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල යෙදවූ බවට සැකකෙරෙන මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවරසන්කුලම් පොලීසිය සමත් වී තිබේ.
එම කාන්තාව සම්බන්ධව හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් ලද තොරතුරු මත එම කාන්තාවගේ මිනිස් ජාවාරම් පිළිබඳව තොරතුරු හෙළි වී තිබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
අදාල කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුව, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් මධුෂිකා වාසල මහත්මියගෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන්ව ඕමානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවිකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.
එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 18 වනදා කොළඹ අංක 1 උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.
සැකකාර කාන්තාව පසුගිය පෙබරවාරි 25 වෙනි දින ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, දින 14ක නිරෝධායන සඳහා ඇය වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිබේ.
අද (12) එම නිරෝධායනය අවසන් වී ඉන් පිටතට පැමිණි මොහොතේ ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත්වරියගෙන් ලද නියෝගය මතය.
සැකකාරිය, වව්නියාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ