කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට - (PHOTOS)
By Sewvandhi
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිනා ගත්තා.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
මේ අතර, දඹුල්ලේදී පැවැත්වෙන අද තරගය සහ මීළඟ පන්දුවාර 20 තරගයේ ද සියළුම ප්‍රවේශපත්‍ර මේ වන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(18) නිවේදන කළා.
කෙසේ වෙතත් එලෙස නිවේදනය කර තිබුන ද අද පෙරවරුවේදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රවේශපත්‍ර විකිණීමට කටයුතු කර තිබුණා.
එක් අයෙකුට ප්‍රවේශපත් දෙකක් මෙහිදි ලබා දීමට කටයුතු කළ අතර එහිදී ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.





