ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් නොමැතිව ශ්‍රී ලංකාව අද තරග බිමට.
By Wayomi
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (14) පල්ලෙකැලේ පැවැත්වෙන 03 වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය හිමිකරගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
එහිදී ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.
අවසන් එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත.
එහිදී ප්‍රධානතම දග පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විවේක ගන්වා ඇති අතර ඔවුන් වෙනුවට අකිල ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබෙනවා.
මේ වන විට තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට 2-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්.