ගුවන් මගීන්ගේ පැමිණීම දින කිහිපයකට අත්හිටුවයි

covid19 suspends passenger upul dharmadhasa flight arrivals
By Sewvandhi May 19, 2021 12:26 PM GMT
Report

මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා ඒ අනුව මෙරටට පැමි‍ණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට තීරණය කර ඇති බවය.

පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව සඳහන් වේ. කෙසේවෙතත් මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now