ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා බොක්සිං දින ටෙස්ට් ගැටුම අද ඇරඹේ

cricket
By Thaya Dec 27, 2020 11:25 PM GMT
Thaya

Thaya

Report

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් කිි‍්‍රකට් තරගය සෙන්චූරියන්හිදි අද ආරම්භ වනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

2017 වසරෙන් පසුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායම, ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්වී නොමැති අතර අවසන් වරට පැවති ටෙස්ට් තරගාවලි දෙකම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගෙන තිබෙනවා.

ඉකුත් වසරේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකාව ජය ගත්තේ ආසියානු කණ්ඩායමක් දකුණු අපි‍්‍රකාවේදී ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය සනිටුහන් කරමින්.

බොහෝ විට අද තරගයේදී කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි අද තරගය පිළිබද අදහස් දක්වමින් නායක දිමුත් කරුණාරත්න පැවසුවේ.

ReeCha