පකිස්ථාන ජයග්‍රහණය හමුවේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවත් පල්ලම් බසී

Sri Lanka Pakistan
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

වසර 18 කට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගනිමින්. රාවල්පින්ඩිහි පැවැති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ලකුණු 370 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 274 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඒඩ්න් මාක්‍රම් ලකුණු 108 ක් රැස් කළ අතර, රසී වැන්ඩර් ඩුසේන් ලකුණු 48ක් රැස් කළා. දකුණු අප්‍රිකාවට තරගයේ ජය ගිලිහී යාමට ප්‍රබල හේතුවක් වූයේ ඒඩ්න් මාක්‍රම් සහ නායක ක්වින්ටන් ඩී කොක්, පිට පිට පන්දු දෙකකදී දැවී යාමයි.


පන්දු යැවීමේ දී හසන් අලී කඩුලූ 05 ක් සහ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලූ 04 ක් දවා ගැනීමට සමත් වුණා. පාකිස්තානු කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 272 ක් රැස් කළ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 201 ක් රැස් කිරීමට සමත් වුණා. පාකිස්තානු කණ්ඩායම දෙවන ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 298ක්. මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත් වුණා. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම එම සටහනේ පසුවන්නේ 05 වන ස්ථානයේයි. පාකිස්තානය ලද මෙම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය හමුවේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ 06 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම 07 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.