මෙරට වයස්ගතම කොරෝනා මරණය වාර්තා වෙයි.

Covid-19 Galle
By Thaya Feb 08, 2021 05:02 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම මරණය ඊයේ (07) දිනයේ වාර්තා විය. ගාල්ල කිරිමංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 103 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් ඉකුත් 06 වැනිදා සිය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි. අනතුරුව ඇයගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණි. එහිදී ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කළේය. ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දඩල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදුකෙරුණි. වයස අවුරුදු 103 ක් වූ එම කාන්තාවගේ මරණය කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම ආසාදිත මරණය බවට වාර්තා වේ.