රටවල් ගණනක් බියවූ කොවිෂීල්ඩ් එන්නත ගැන ලංකාව ගත් තීරණය.

Covid-19 Corona Vaccine
By Thaya Mar 16, 2021 06:10 PM GMT
Report

කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් එම අධ්‍යනය සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.

මෙරට එන්නත්කරණයට භාවිත කරන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඇය ප්‍රකාශ කළා.