මුළු රටම ලොක්ඩවුන් කරයි???..තීරණාත්මක සාකච්ඡාවක්.

Covid Sri lanka Lockedown Isolating Udaya gammanpila
By Aruna May 10, 2021 08:31 AM GMT
Aruna

Aruna

Report

පවතින තත්ත්වය මත රට පූර්ව වශයෙන් වසා දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඒ අනුව පූර්ණ වශයෙන් වසා දමන්නේ ද අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න ගැන එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත ය.

රටේ ආර්ථිකයට බලපෑමක් නොවන ලෙස එම ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

කැබිනට් ප‍්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා මේ බව තහවුරු කලේය.

මේ අතර රට වසා දැමීමකට සූදානමින් සිටින ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප‍්‍රධානීන් මේ වන විටත් දැනුවත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now