වෙසක් පොහොය වන තෙක් මුළු රටම ලොක්ඩවුන් කරයි???...

Sri Lanka Locked down Ajithi Rohana Covid police
By Aruna May 16, 2021 12:50 AM GMT
Report

පවුලේ සාමාජිකයන් සමඟ පුද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන් ලෙස අදහස් කරන්නේ එකම නිවසේ වෙසෙන පිරිසක් මිස ඥාතීන් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව පොදු වාහනවල ගමන් කරන අවස්ථාවලදී මෙන්ම මහජනයා ගැවසෙන ඕනෑම අවස්ථාවකදී ප්‍රසිද්ධ එළිමහනේ සිටින සෑම විටම මුව ආවරණයක් පැළඳිය යුතු බවද ඔහු පැවසීය.

වෙසක් පොහොය වන තෙක් සංචාරණ සීමා දීර්ඝ වෙද්ද නැද්ද යන්න තීරණය වන්නේ මේ මොහොතේ ජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු තව දුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now