ඇමතිවරුන්ගේ කතා නිසා ජිනීවාහිදී ලංකාවට අවාසියි..- නිත්‍ය නියෝජිත රජයට දැනුම් දෙයි

Geneva
By Thaya Mar 21, 2021 06:40 PM GMT
Report

රජයේ සමහර මැති ඇමැතිවරුන් දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරන ඇතැම් රටවල සහාය නොලැබී යා හැකියි ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම මහතා රජයට දැනුම් දී ඇත. බුර්කා නිකාබ් ඇඳුම් තහනම් කිරීම වැනි ක‍්‍රියා මේ මොහොතේ නුසුදුසු බවද ඔහු විශේෂයෙන් පෙන්වා දී තිබේ. ජිනීවා කොමිසමේදී ශ්‍රී ලංකාවට සහාය පළ කරන රටවලින් අඩක්ම මුස්ලිම් රටවල් බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස ද ඔහු රජයට දන්වා ඇත.