රජයේ මුද්‍රණාලයේ සේවකයින්ටත් කොරෝනා ආසාදනය වෙලා

infections covid 19 institute of printing gangani kalpani
By Sewvandhi Apr 28, 2021 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීමත් සමග රජයේ මුද්‍රණාලයේ පොත් නිමැවුම් අංශය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මුද්‍රණාලයේ අංශ ප්‍රධානියෙකු ඇතුළු සේවකයින් සිව්දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග මෙම පියවර ගත් බවයි රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ.

එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වූ විසිනවදෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමෙන් පසු රජයේ මුද්‍රණාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් අවධානම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් සේවයට ගෙන්වීම ඉදිරියේදී කොටස් වශයෙන් කැඳවීමට බලාපොරොත්තු වන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi