ආබාධ නිසා ශී‍්‍ර ලංකා පිළ දකුණු අපි‍්‍රකාවේදී අර්බුදයක

injuries
By Thaya Dec 28, 2020 07:05 PM GMT
Thaya

Thaya

Report

වේග පන්දු යවන කසුන් රාජිත ආබාධයකට ලක්වීමත් සමග දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් තරග වැදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.වේග පන්දු යවන කසුන් රාජිත ආබාධයකට ලක්වීමත් සමග දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් තරග වැදීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

පාදයේ ආබාධයකට ලක් වූ කසුන් රාජිත ඊයේ පිටියෙන් ඉවත් වුණේ පන්දුවාර 2යි එක් පන්දුවක් යොමුකර සිටියදීයි. සුරංග ලක්මාල්ද ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ සහායද පළමු ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිලට අහිමි වුණා.

ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 79ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඒ සමග ශී‍්‍ර ලංකාව තවත් අසීරුතාවකට පත් වූ අතර ධනංජය ද සිල්වාට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

මේ, කසුන් රාජිතගේ ආබාධ තත්ත්වය සහ තරගයේ ඉදිරි සැලසුම් පිළිබද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය වෙත අදහස් පළ කළ මෙම තරගයේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක කියා සිටියේ ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරක් නොමැති බවයි


ReeCha