ඔබත් පරිස්සමෙන් ගෑස් සැගවූ වෙළදෙ නියෝජිතයෙකුට අදසිදු වු දේ..

By Sithumi Jun 12, 2022 04:09 PM GMT
Report

අනුරාධපුර සාලිය මාවත ප්‍රදේශයේ ගෑස් නියෝජිතයෙකුට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 540ක් සොයාගෙන තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් එම වැටලීම සිදු කර තිබුණි.

එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයට අමතරව හිස් ගෑස් සිලින්ඩර 54ක් ද සොයා ගෙන ඇත. අද (12) පෙරවරුවේදී සිදුකළ වැටලීමේදී එම ගෑස් සිලින්ඩර් තොගය සොයාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විසින් සොයාගත් ගෑස් සිලින්ඩර තොගය ජනතාවට බෙදාහැරීමට කටයුතු කළ බව අප වාර්තාකරු පැවසීය. මේ අතර අදාළ ගෑස් නියෝජිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.