ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටු රැස්වීම අතරමග නවතී.

Sri Lanka Committee
By Thaya Feb 12, 2021 05:43 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු රැස්වීම අතරමග අත්හිටුවා තිබේ. ඊයේ (11) පස්වරුවේ කොප් කමිටුව හමුවේ පෙනීසිටින ලෙස මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණි. කෙසේවෙතත් විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් කොප් කමිටු රැස්වීම අතරමග නැවැත්වීමට එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා තීරණයකර තිබුණි.

ඒ අනුව මාසයක් තුළ කරුණු විමසීමට සූදානම්ව පැමිණෙන ලෙස ද කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව සඳහන් වේ. ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය අවිධිමත්වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවද කොප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.