බංග්ලාදේශයට ගිය පළමු දිනයේදීම ශ්‍රී ලංකා පිල වැඩ අරඹයි.
Cricket
Sri Lanka
Bangladesh
Sport
By Aruna
තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශය වෙත ළගා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරටට පැමිණි පළමු දිනයේදීම සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සඳහා එක්ව තිබෙනවා. ඒ, ඔවුන් රැඳී සිටින හෝටල් පරිශ්‍රයේයි.
කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයේ කායවර්ධන මධ්‍යස්ථානයේදී ක්‍රීඩකයින් එම පුහුණුවීම්වල නිරත වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදී සිටින අතර, පළමු දින තුන තුළ දී ඔවුන් නිරෝධායනය විය යුතුයි.
මෙම තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් අතර ලබන 21 වනදා පුහුණු තරගයක්ද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 23 වනදා පැවැත්වෙන්නේ මීර්පූර් හිදියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
