මැයි 25 රට ඇරෙයිද වැසෙයි ද? තීරණ මෙන්න.

Curfew Police Shavndra Silva Sri Lanka close
By Aruna May 23, 2021 03:45 AM GMT
Aruna

Aruna

Report

මැයි 25 වනදා අළුයම 4:00 ට සංචරණ සීමා ඉවත් කර, යළිත් එදිනම රාත්‍රී 11:00 සිට 28 වන සිකුරාදා අළුයම 4:00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව 25 වනදා අලුයම 4:00 සිට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම රාත්‍රී 11:00 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා.

එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4:00 ටයි.

මැයි 25 සහ මැයි 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකියි.

කෙසේ වෙතත් එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now