ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපයක...තවත් මාස 02 කින් වෙන්න යන දේ මෙන්න(VIDEO)..

Political Champika ranawaka
By Aruna Jul 23, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

අද වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන මුල්‍ය අර්බුදය කෙටිකාලීනව ඇති වූ එකක් නොව එය දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක් බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ මොහොතේ ඇතිව තිබෙන්නේ විදේශ විනිමය නොමැතිවීමේ අර්බුදයක් බවද මෙම තත්ත්වය ඊළඟට දේශීය මුදල් හිඟයක් බවටත් දේශීය වෙළඳපොළ තුළ කඩාවැටීමක් බවටත් පත්වීමට නියමිත බව ද ඔහුගේ අදහසයි.

ජාත්‍යන්තරය මූල්‍ය ශ්‍රේණිගත කරන ආයතන අනුව ශ්‍රී ලංකාව දැන් සිටින්නේ අධි අවදානම් කලාපයෙනුත් පහල බවත් ඊළඟ එකම කලාපය බංකොලොත් තත්ත්වය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආසන්න නිශ්චිත දිනයක ශ්‍රී ලංකාවේ මුළු බැංකු පද්ධතියම බිඳ වැටිය හැකි බවද මාස දෙකකින් ශ‍්‍රී ලංකාවේ ස්ථිරනම සාගතයක් ඇති වන බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඔහු මෙසේ අදහස් පල කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now