තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ගෙවුම් ශේෂය ඉහළ යන ලකුණු !!!

Sri Lanka Oil
By Thaya Feb 23, 2021 05:33 PM GMT
Thaya

Thaya

Report

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් ඉහළ යාම මෙරට බාහිර වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි ඍජු බලපෑමක් ඇතිකරන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 63 යි ශත 71 ක දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 60 කට ආසන්න වී තිබෙනවා.

මේ වසරේ මේ දක්වා ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 20 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යාම විශේෂත්වයක්.

මෙරට ආනයන අපනයන වෙළඳ පරතරය පසුගිය වසර අවසානයේ සිට සංකෝචනය වීමක් දක්නට ලැබුණේ තෙල් ආනයනය සඳහා වන පිරිවැය අඩුවීම හේතුවෙන්.

එහෙත් තෙල් බැරලයක මිල ඩොලර් 60 ඉක්මවා ඉහළ අගයක අඛන්ඩව පැවතීමෙන් වෙළඳ පරතරය නැවතත් ඉහළ යා හැකියි.

කෙසේ නමුත්, ඇමෙරිකානු ජේ.පී මෝගන් බැංකු විශ්ලේෂණයකට අනුව තෙල් මිල තවත් ඩොලර් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි නමුත් එය නැවතත් ඩොලර් 80 හෝ 90 මට්ටමට පැමිණීමේ හැකියාවක් නැහැ..