ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකාරයන්.. සාම සාධක හමුදාවට ගන්න එපා..- UN මහ ලේකම්ගෙන් ද ඉල්ලීමක්..

Army Sri Lanka
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Report

ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නිසා එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඔවුන් සහභාගී කර ගැනීම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වන යස්මින් සුකා ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුවාරෙස් වෙත ලිපියක් යවමින් ඇය මෙසේ ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ සාම හමුදා බලකා ප්‍රධානියා වෙතින්ද ඇය ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව ඒ වෙත ගෙන්වා ගැනීම නතර කරන ලෙසයි.

දැනට ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාම සාධක බලකාවල සුඬානය, ලෙබනනය හා මාලි යන රාජ්‍යවල ක‍්‍රියාත්මක වේ.