ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තීරණාත්මක තරගය අද.. අද විශේෂත්වය මෙන්න..

Report

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව , අද තරගය පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාපිටියේදී, ආරම්භවීමට නියමිතව ඇත.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 1ට 0ක් ලෙස ජයගෙන සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටී.

කෙසේවෙතත් අද තරගයට පසුගිය තරගය සදහා එක් වූ කණ්ඩායම ම තරගවැදීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

පළමු තරගයේ තැබූ ලෝකවාර්තා හේතුවෙන් අද තරගය දෙස ක්‍රිකට් එපාවී සිටි මෙරට ප්‍රේක්ෂකයින්ගේ අවධානය යොමුවී ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.